කතරගම දේවාලයේ රත්‍රංවලින් කොටසක් විකුණා ආදායම REBUILDING SRI LANKA අරමුදලට
January 2, 2026 02:11 pm
රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයෙන් දේව රුව සහිත රත්‍රන් හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේවරයා තීරණය කර තිබේ.
මෙම වෙන්දේසිය මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මෑත ඉතිහාසයේ බැතිමතුන් පූජා කළ රත්තරන් විනිවිදභාවයකින් යුතුව රජයට ලබා දීමට කටයුතු කරන බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුහුණ කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මදුසංක මහතා,
''උපදෙස් තමා ඉල්ලලා තියෙන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ගෙන්.. අසත්‍ය ප්‍රවෘත්තියක් තමා පල වෙලා තිබුණේ අවුරුදු 2000ක් පැරණි රත්තරන්වලට අපි අත තියන්න හදනවා කියලා.. මෑත ඉතිහාසයේ බැතිමතුන් පූජා කරපු රත්තරන් විනිවිදභාවයකින් තමා අපි රජයට දෙන්න හැදුවේ''
