ඉන්දු - බ්‍රසීල වෙළෙඳපොළ පුළුල් කිරීමට සැරසෙයි
සයුරෙන් එතෙර

ඉන්දු - බ්‍රසීල වෙළෙඳපොළ පුළුල් කිරීමට සැරසෙයි

January 2, 2026   08:46 am

බ්‍රසීල ජනාධිපති ලුලා ඩි සිල්වා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ එළඹෙන පෙබරවාරි මාසයේදී බ්‍රසීල ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සිදු කෙරෙනු ඇති බවය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, පොහොර, කෘෂි ව්‍යාපාර සහ තාක්‍ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දෙරට අතර වෙළඳාම සහ ආයෝජන සඳහා නව මාර්ග විවෘත කිරීම අරමුණු කරගෙන බ්‍රසීල ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය සිදු කෙරෙන බවය.

ආර්ථික සබඳතා සැලකිය යුතු ලෙස ශක්තිමත් කිරීමේ ඔවුන්ගේ අන්‍යෝන්‍ය අභිප්‍රාය අවධාරණය කරමින්, දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳාම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් තබා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.