සයුරෙන් එතෙර
බංග්ලාදේශයේ විරෝධතා මැද හින්දු ජාතිකයෙකු ඝාතනය කෙරේ
December 19, 2025 09:45 pm
බංග්ලාදේශයේ යළි ආරම්භ වී ඇති විරෝධතා අතරතුර හින්දු ජාතික පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ.
විරෝධතාකරුවන් විසින් එම පුද්ගලයාට පහරදී ඝාතනය කර සිරුරට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂේයික් හසීනා බලයෙන් පහ කිරීමේ අරගලයේ පෙරමුණ ගෙන කටයුතු කළ ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු පසුගියදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් එරට අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක මේ වන විට යළි විරෝධතා ආරම්භ වී ඇත.
එම විරෝධතා මේ වන විට ඉන්දීය විරෝධී උද්ඝෝෂණයක් දක්වා වර්ධනය වී ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දී ඇත.
