2025 ආසියානූ පැරා ශූරතා තරගාවලියට සහභාගී වුු කණ්ඩායම යලි දිවයිනට
December 15, 2025 10:49 am
ඩුබායි හි පැවති 2025 ආසියානු යොවුන් පැරා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම අද (15) අලුයම දිවයිනට පැමිණ තිබේ.
මෙම තරගාවලිය ආසියානු කලාපයේ රටවල පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 07 වැනිදා සිට 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවැත්විණි.
තරගාවලියේ දී කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ 12 ශ්‍රේණිය කලා විෂය ධාරාව හදාරන ඩිල්මිණි උදුම්බරා කුමාරගේ ක්‍රීඩිකාව කවපෙත්ත විසි කිරීම සහ යගුලිය දැමීම ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබේ.
එසේම අතුරුගිරිය මහාමාන්‍ය විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම තරගාවලියට සහභාගී වූ සෙනුවර සන්දිලු මීටර් 100 ධාවන ඉසව්වෙන් රන් පදක්කම සහ දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් ව ඇත.
මෙම තරගාවලියේ දී මොහොමඩ් ඉස්හාම් යූනුස් මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් ව ඇත.
