සයුරෙන් එතෙර
ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට
December 15, 2025 07:09 am
සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන් වේ.
වෙරළ තීරයේ රැදී සිටි පිරිස් ඉලක්ක කරගනිමින් තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 42දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලීසිය සඳහන් කර තිබුණි.
පුද්ගලයින් 1,000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සිඩ්නිහි, ප්‍රකට බොන්ඩි වෙරළ තීරයේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් වන ‘හනුක්කා‘ සැමරුම, වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බව වාර්තා විය.
නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් වෙඩික්කරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර එම මෙහෙයුම අතරතුර එක් වෙඩික්කරුවෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
අදාළ වෙඩික්කරුවන් දෙදෙනා පියපුතු දෙපලක් බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ පියා බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.
මේ අතර මෙම සිදුවීම සිය ජාතියේ හදවතට එල්ල කළ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව, සිද්ධිය දැඩිව හෙළා දකිමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසීය.
