වසා දැමූ සත්වෝද්‍යාන යළි විවෘත කෙරේ
December 4, 2025 03:45 pm
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වසා දමා තිබු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අනුබද්ධ සියලු ආයතන ජනතාවට නැරඹීම සදහා යළි විවෘත කර තිබේ.
පසුගිය පළමු වැනි දින සිට අදාළ ආයතන යළි විවෘත කිරීමට පියවර ගත් බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය මෙලෙස විවෘත කිරීමට පියවර ගෙන ඇත.
පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග සිදු වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අනුබද්ධ සියලු ආයතන තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබුණි.
