ආපදා නිසා ගොඩගැසුණු කසළ ඉවත් කර පිරිසිදු කිරීම් කඩිනමින්
December 4, 2025 09:30 pm
බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (04) අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩගැසුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
මෙම වැඩපිළිවෙළේදී ගොඩගැසෙන කසළ ඉක්මනින් ඉවත් කර ගැනීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කෙරවලපිටිය පිහිටි භූමියෙන් අක්කර පහක ඉඩම ලබා දී ඇති බැවින්, ඒ අනුව දැනට ගොඩගැසෙන කසළ ගැටලුවකින් තොරව ඉවත් කර ගැනීමට හැකි බව කමිටුව තීරණය කරන ලදී.
එම ඉඩමේ ගබඩා වන කසළ ක්‍රමවත්ව ඉවත් කිරීමටද එහිදී අදාළ ආයතන එකඟ වී ඇත.
