ජල සම්පත් මණ්ඩලයෙන් ළිං පිරිසිදු කරදීමේ වැඩපිළිවෙළක්
December 4, 2025 03:00 pm
ගංවතුර තත්ත්වය හේතුවෙන් හානි වු ළිං නැවත භාවිතයට ගත හැකි වන පරිදි පිරිසිදු කරදීම සඳහා අවශ්‍ය කටයුතු ජල සම්පත් මණ්ඩලය මගින් ආරම්භ කර තිබේ.
ඒ අනුව කොළඹ ප්‍රධාන කාර්යාලය මගින්, කොළඹ, ගම්පහ, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය කරන අතර පුත්තලම පළාත් කාර්යාලය මගින් කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක ආවරණ කරන බව සඳහන් වේ.
අනුරාධපුර පළාත් කාර්යාලය මගින් අනුරාධපුර, පොළොන්නරුව හා වව්නියාව දිස්ත්‍රික්කත් මොනරාගල පළාත් කාර්යාලය මගින් බදුල්ල, මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කත්, යාපනය පළාත් කාර්යාලය මගින් යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කත් ආවරණය කෙරේ.
