වගා හානි ගැන දැනුම් දෙන්න ක්ෂණික දුරකතන අංකයක්

වගා හානි ගැන දැනුම් දෙන්න ක්ෂණික දුරකතන අංකයක්

December 4, 2025   02:18 pm

දිට්වා' සුළි කුණාටුවේ බලපෑමට ලක්වී සිටින ගොවීන්ගේ වගාහානි පිළිබඳ දැනුම් දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දි තිබේ.

ඒ අනුව 1918 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් වගා හානි පිළිබඳ ගොවීන්ට ඉතා පහසුවෙන් දැනුම් දිය හැකියි.

දිට්වා' සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වු ගංවතුර හා නායයෑම් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක වගා භූමිවලට හානි සිදු විය.

ඒ අනුව අදාළ වගා සඳහා හානි පූර්ණය කිරීමේ අපේක්ෂාවෙන් මේවන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වගා හානි පිළිබඳ දත්ත එක් රැස්කිරීම ආරම්භ කර ඇත.

මේ අතර පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අඩපණ වු දුරකථන සම්බන්ධතා දිස්ත්‍රික්ක 20ක 75%ක් පමණ මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් විශ්‍රාමික බන්ධුල හේරත් මහතා පවසයි.