ආපදා වෙනුවෙන් ඌව පළාත් රාජ්‍ය නිලධාරීන් එක්දිනක වැටුප පරිත්‍යාග කරයි

ආපදා වෙනුවෙන් ඌව පළාත් රාජ්‍ය නිලධාරීන් එක්දිනක වැටුප පරිත්‍යාග කරයි

December 4, 2025   12:07 pm

ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුප එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර ඇති බවය.

ඊට කැමැත්ත පළ කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇත.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණි.