2026ට අවශ්‍ය ලිට්‍රෝ ගෑස් ගැන තීරණයක්

2026ට අවශ්‍ය ලිට්‍රෝ ගෑස් ගැන තීරණයක්

December 3, 2025   08:43 am


ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත 2026 වර්ෂය සඳහා අවශ්‍ය ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ - 2024හි විධිවිධාන පරිදි ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ තාක්ෂණික හා මූල්‍ය ලංසු කැඳවා තිබේ. 

ඒ අනුව, ලංසුකරුවන් 05දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර, ලංසු 02ක් තාක්ෂණික ඇගයීමෙන් අනතුරුව මූල්‍ය ලංසු ඇගයීම සඳහා සුදුසුකම් ලබා ඇත. 

ඒ අනුව, අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, 2026 ජනවාරි මාසයේ සිට මාස 12ක කාලයක් සඳහා ද්‍රව පෙට්‍රෝලියම් වායු මෙට්‍රික්ටොන් 380,000ක් (+ 20%ක්) ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත සපයාගැනීම් සඳහා වන ප්‍රසම්පාදනය, Geo Gas Trading S.A. වෙත ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ මෙතැනින් by poornima