පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය

පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය

December 3, 2025   03:15 pm

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025.12.15 දක්වා දීර්ඝ කර තිබේ.

එම අයදුම්පත් කැඳවීමේ කාල සීමව වූයේ 2025.11.01 වන දින සිට 2025.11.30 වනදා දක්වා පමණි.

නමුත් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙම ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. 

2022, 2023 හෝ 2024 වර්ෂයන් හිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට ඔවුන්ගේ පළමු හෝ දෙවන වාරය ලෙස සිටි පෙනී දරුවන්, 2025 වර්ෂයේදී ද නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් පැමිණි ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත බව වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පොලී රහිත ශිෂ්‍යණය යොජනා ක්‍රමය සඳහා අයදුම්පත් යොමු කිරීම www.studentloans.mohe.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ව සිදු කළ හැකිය.