කඩුවෙල - බත්තරමුල්ල මාර්ගය යළි ඇරෙයි

කඩුවෙල - බත්තරමුල්ල මාර්ගය යළි ඇරෙයි

December 3, 2025   07:23 am

පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය යළි ගමනගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කර ඇත.

පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා කඩුවෙල නගරයෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණි.

මේ අතර, අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම ද ඊයේ (02) විවෘත කළේය.

ඒ අනුව එම පිවිසුම භාවිත කර  සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව මේ වනවිට ලැබී තිබේ.