
විවෘත කිරීමට හැකියාවක් තිබෙන දිවා සුරැකුම් මධ්‍යස්ථාන හෙට (01) දිනයේ සිට නැවත් විවෘත කරන ලෙසට නිවේදනයක් නිකුත් කරමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඉල්ලීමක් කරයි.
ඇය පැවසුවේ පවතින ආපදා තත්ත්වය තුළ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා හි නිරත රජයේ සහ පුද්ගලික අංශයේ නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් හෙට දිනයේ සිට ආරක්ෂිත බව තහවුරු කරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථාන නැවත ආරම්භ කරන මෙන් සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන භාර නිලධාරීන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින බවය.


















































