ටෝකියෝ පරදා 'ජකර්තා' ලොව වැඩිම ජනගනයක් වෙසෙන නගරය වෙයි
November 26, 2025 04:55 pm
ලොව වැඩිම ජනගනයක් වෙසෙන නගරය බවට පත්ව සිටි ජපානයේ ටෝකියෝ අබිබවා, ඉන්දුනීසියාවේ ජකර්තා ලොව වැඩිම ජනගනයක් වෙසෙන නගරය බවට පත් වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ජනගහන අංශය විසින් නිකුත්කළ නවතම වාර්තාවට මේ බව හෙළිවී ඇත.
ඒ අනුව ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තාහි මේ වනවිට මිලියන 42ක ජනතාවක් ජීවත්වන බව අදාළ වාර්තාවේ දැක්වේ.
එහි දෙවන ස්ථානය බංග්ලාදේශයේ ඩකා අගනුවරට හිමිව ඇති අතර, එහි මිලියන 40කට ආසන්න ජනගහනයක් ජීවත් වේ.
මෙතෙක් පළමු ස්ථානයේ සිටි ජපානයේ ටෝකියෝ අගනුවර නවතම වාර්තාවේ තෙවන ස්ථානය දක්වා පසුබැස ඇති අතර, එහි ජනගනය මිලියන 33කට ආසන්නය.
කෙසේ නමුත් 2050 වනවිට ඩකා නගරය ලොව විශාලතම ජනගහනය සිටින නගරය බවට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරයි.
එමෙන්ම ජපානයේ දරු උපත් අනුපාතය විශාල ලෙස අඩුවෙමින් තිබෙන හෙයින්, ඉදිරි වසර 25 තුළ ටෝකියෝහි ජනගහනය තවදුරටත් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මෙම වාර්තාවේ වඩාත් සුවිශේෂීම කරුණ වන්නේ ලොව පුරා වඩාත්ම ජනාකීර්ණ නගර 10න් 9ක්ම ආසියාවේ පිහිටා තිබීමය.
ඊට අයත් නොවන්නේ ඊජිප්තුවේ කයිරෝ පමණි.
