හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
November 26, 2025 07:08 pm
හොංකොං හි මහල් නිවාස සංකීර්ණයක එරට වේලාවෙන් අද (26) පස්වරුවේ ගින්නක් ඇති වී තිබේ.
එරට මාධ්‍ය වාර්තාකර සිටියේ ගින්න ගොඩනැගිලි 07ක් පුරා ගින්න පැතිරගොස් ඇති බවත්, පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.
මේ වනවිට 700ක් පමණ ඉවත් කර ඇති අතර, තවත් බොහෝ පිරිසක් එහි සිරවී සිටින බව වාර්තා වේ.
මෙම නිවාස සංකීර්ණයේ මහල් නිවාස 2,000කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර, එහි 4,800ක් පමණ වාසය කරන බව සඳහන් වේ.
