ඉන්දියාවේ ඇරයුමක් කැනඩාව පිළිගනී
සයුරෙන් එතෙර

ඉන්දියාවේ ඇරයුමක් කැනඩාව පිළිගනී

November 25, 2025   08:18 pm

ඉන්දියාවේ සංචාරයකට එක්වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි වෙත ඇරයුම් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දකුණු අප්‍රිකාවේ පැවති G20 සමුළුවට සමගාමීව නායකයින් දෙදෙනා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව, ඉන්දියාවට පැමිණෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි එලෙස කැනඩා අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කර ඇති බවය.

ඒ අනුව කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි අග්‍රාමාත්‍ය මෝදිගේ ආරාධනය පිළිගත් බවද වාර්තා  වෙයි.

වෙළඳාම, ආයෝජන, තාක්ෂණය සහ බලශක්තිය වැනි ක්ෂේත්‍රවල සබඳතා ඉදිරියට ගෙන යාමට අමතරව, ආරක්ෂක සහ අභ්‍යවකාශ අංශවල ගැඹුරු සහයෝගීතාවයේ විභවය විවෘත කිරීමට නායකයින් දෙදෙනා එකඟ වී ඇති බවද සඳහන් ය.