මෝදර දේවාලයේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

මෝදර දේවාලයේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

November 25, 2025   05:01 pm

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ කමිටු සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් හා ඔහුට සැඟව සිටීමට අනුබල දුන් පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට සැඟව සිටීමට අනුබල දුන් පුද්ගලයා 44 හැවිරිදි සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.