යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් - 5ක් මරුට
සයුරෙන් එතෙර

යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් - 5ක් මරුට

November 25, 2025   01:30 pm

යේමනයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

එරට ආණ්ඩුකාරවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සදහන්.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ එරට ආණ්ඩුකාරවරයාගේ ආරක්ෂක නිලධාරීන් පස් දෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.