ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ ධාවන තරගයක් අතරතුර බිහිසුණු අනතුරක්
November 16, 2025 02:50 pm
ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ ධාවන තරගයක් තුළ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට වල්චා නගරයේ ඊයේ රාත්‍රීයේ පැවති වාර්ෂික මෝටර් රථ ධාවන තරගයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ධාවන තරගයට එක්වු මෝටර් රථයක් ඉවතට පැන නරඹන්නන් පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 13 දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවය.
