ඉන්දු - ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

ඉන්දු - ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

November 8, 2025   12:33 pm

ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සැමවිටම සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා පවසයි.

ඉන්දීය සංචාරය තුළ එරට 'NDTV' නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

NDTV නිවේදිකාව,

"මෙම කලාපය තුළ වර්ධනය වෙමින් පවතින චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානයක් යොමුවී තිබෙනවා. චීන ක්‍රියාකාරකම් ගැන ඉන්දීය ජනතාවගේ කනස්සල්ල සම්බන්ධව විපක්ෂ නායකවරයා ලෙස ඔබේ ස්ථාවරය කුමක්ද ?"

සජිත් ප්‍රේමදාස - විපක්ෂ නායක
 
"ඉන්දියාව කිසි විටෙකත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. අපි ඔබ සමග සමීපව කටයුතු කිරීමට සූදානම්. ඒ වගේම මම කියන්න ඕන ශ්‍රී ලංකාවට ඉන්දියාව සමග විශේෂ සම්බන්ධතාවක් තිබෙනවා. අප දෙරටේ අනාගතයන් අතිශයින්ම සම්බන්ධිතයි. 

අපි දැනටමත් එලඹී සිටින නිදහස් වෙළෙඳ ගිවිසුම් වැඩිදියුණු කරගැනීමට අපි පසුබට නොවිය යුතුයි. භූ දේශපාලනය තුළින් මනුෂ්‍ය වර්ගයා වෙත ධනාත්මක ප්‍රතිඵල අත්පත්කරගත යුතුයි. එම ප්‍රතිඵල ගැටුමක්, යුද්ධයක් නොවිය යුතුයි. ආක්‍රමණයක් නොවිය යුතුයි. එහි අවසන් ප්‍රතිඵලය සාමය විය යුතුයි. 

අපි රටක් ලෙස අතරමැදි පාර්ශ්වයක් විදිහට කටයුතු කර සාමය ගොඩනැගීමටත් කැමතියි. මෙම සුපිරි බලයන් අතර නිර්මාණය වී ඇති සැකසංකා සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කරගැනීම තහවුරු කර ගත යුතුයි. 

විශිෂ්ට සාම ධූතයෙක් ලෙස කටයුතු කරමින් සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලියට දායකවීමට ශ්‍රී ලංකාව කැමතියි".