නේපාලයටත් දැන් දිවා රාත්‍රී ක්‍රිකට් තරග
November 8, 2025 03:45 pm
නේපාලයේ එකම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වන කීර්තිපූර් හි ත්‍රිභුවන් විශ්වවිද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට වේගවත් කර තිබේ.
එහි සංවර්ධන කටයුතු අවසන් අදියරේ පවතින අතර, එළැඹෙන නොවැම්බර් 17 වනදා ආරම්භවීමට නියමිත නේපාල ප්‍රිමියර් ලීග් (NPL) තරගාවලියට පෙර එම කටයුතු අවසන් කිරීමට නියමිතය.
ක්‍රීඩාංගණයේ සිදුකර ඇති කැපී පෙනෙනම වෙනස්කම වන්නේ දිවාරාත්‍රී තරග ක්‍රීඩාකළ හැකි ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ නවීනම විදුලි ආලෝක පද්ධතියක් එහි ස්ථාපිත කර තිබීමය.
එමෙන්ම ආසන ධාරිතාවද 10,000ක් දක්වා වැඩිකර ඇති අතර, යටිතල පහසුකම් රැසක්ද සංවර්ධනය කර ඇත.
මෙම වැඩිදියුණු කිරීමත් සමග නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ඉහළම තේරීමක් ඇති රටක් වනුඇති බව ක්‍රීඩා විචාරකයන් පවසයි.



