අකාර්යක්ෂම කෘෂිකාර්මික ජල පරිභෝජනය ගැන වාර්තාවක්
සයුරෙන් එතෙර

අකාර්යක්ෂම කෘෂිකාර්මික ජල පරිභෝජනය ගැන වාර්තාවක්

November 8, 2025   08:17 am

අකාර්යක්ෂම කෘෂිකාර්මික ජල භාවිතය ඉහළම මට්ටමක පවතින රටවල් 6 අතරට පාකිස්තානය ඇතුළත් කර තිබේ.

ලෝක බැංකුව විසින් නිකුත් කළ ගෝලීය ජල නිරීක්ෂණ වාර්තාව තුළින් ඒ බව අනාවරණය කර ඇත.

එම වාර්තාව අනුව පාකිස්තානය වාර්ෂිකව ගෝලීය වශයෙන් මිරිදිය ඝන මීටර් බිලියන 324ක අකාර්යක්ෂමතාවයකට දායක වන බව පැවසෙයි.

අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ජල අකාර්යක්ෂමතාව වියළීමේ ප්‍රවණතා සමඟ සමපාත වන මෙම උණුසුම් ස්ථාන බටහිර ආසියාව, නැගෙනහිර යුරෝපය සහ උතුරු අප්‍රිකාවේ වඩාත් කැපී පෙනෙන බවය. 

අකාර්යක්ෂම කෘෂිකාර්මික ජල පරිභෝජනයේ ඉහළම කොටස ඇල්ජීරියාව, කාම්බෝජය, මෙක්සිකෝව, පාකිස්ථානය, තායිලන්තය, ටියුනීසියාව සහ රුමේනියාව යන රටවල දක්නට ලැබෙන බව වාර්තා වෙයි.