විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහන පොලියට නිවාස ණය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහන පොලියට නිවාස ණය

November 7, 2025   04:12 pm

විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින් යෝජනා කර තිබේ.

මෙරටට විදෙස් ප්‍රේෂණ හිමිවන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වීම විශේෂත්වයකි.

එම පිරිස විසින් අප රටේ සංර්වධනයට දක්වන දායකත්වය අගයමින් විදේශගත ශ්‍රමිකයින් සඳහා මෙම නිවාස ණය යෝජනා ක්‍රමය යෝජනා කර ඇත.

එය පොලී ප්‍රතිපූර්ණ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ අරමුදල් භාවිතයෙන් සිදුකිරීමට යෝජනා කර තිබේ.

එමෙන්ම විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත අතර, එහි මූලික වැඩකටයුතු කඩිනමින් සිදුකර 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු විදේශ සේවා නියුක්තිකායාංශය විසින් සිදුකරනු ලබයි.

මෙම වැඩසටහන් සඳහා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 2,000ක් ආරම්භක පියවරේ දී වෙන්කරනු ලබන බව ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.