සයුරෙන් එතෙර
ඉන්දියාවේ ක්‍රියාකලාපය පලස්තීනය අගය කරයි
November 7, 2025 11:24 am
මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වෙමින් ඇති ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික භූමිකාව පිළිබඳව අදහස් පළ කරමින් පලස්තීන විදේශ කටයුතු ඇමති අගය කර තිබේ.
එහිදී ඇය පවසා ඇත්තේ ඉන්දියාව, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාමය සඳහා විශ්වාසදායක මිතුරෙකු බවය.
NDTV පුවත් සේවය සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පලස්තීන විදේශ කටයුතු අමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ.
ඉන්දියාවේ සමබර රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකලාපයද මෙහිදී අගය කර තිබුණි.
බටහිර ඉවුර සහ ගාසා තීරය පුරා තොරතුරු තාක්ෂණ, කාන්තා සවිබල ගැන්වීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉන්දියාවේ අඛණ්ඩ ව්‍යාපෘති දියත් කිරීම හරහා එහි ප්‍රායෝගික කැපවීම පිළිබඳ සාක්ෂි සපයන බවද ඇය සඳහන් කර ඇත.
