ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ සමාජ මාධ්‍ය තහනමට reddit එක්වෙයි
සයුරෙන් එතෙර

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ සමාජ මාධ්‍ය තහනමට reddit එක්වෙයි

November 7, 2025   11:05 am

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ලබන මාසයේ ආරම්භ වන ලොව ප්‍රථම සමාජ මාධ්‍ය තහනමට ජනප්‍රිය සංසද වෙබ් අඩවියක් වන Reddit සමාජ මාධ්‍ය එකතු කර තිබේ.

මෙහිදී Facebook,X,Snapchat,TikTok,YouTube,Instagram,Threads සහ සජීවී විකාශන වේදිකාවක් වන Kick සමාජ මාධ්‍ය ද ඇතුළුව තහනමට ලක් වූ වෙබ් අඩවි ගණන නවයකි. 

මෙම වසරේ දෙසැම්බර් 10 වන දින සිට, තාක්ෂණික සමාගම් වයස අවුරුදු 16ට අඩු අය සඳහා පවතින ගිණුම් අක්‍රිය කිරීමට සහ නව ගිණුම් තහනම් කිරීමට පියවර නොගන්නේ නම්, ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 දක්වා දඩ මුදලක් නියම කළ හැකි බව සඳහන්ය.

Discord, WhatsApp, ක්‍රීඩා වේදිකා වන Lego Play සහ Roblox සමාජ මාධ්‍ය තහනමට ඇතුළත් නොවන අතර Google Classroom සහ YouTube Kids ද ඇතුළත් නොවේ.