මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීමට කමිටුවක්

මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීමට කමිටුවක්

November 5, 2025   06:12 pm

මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව මෙරට  බුද්ධිමය දේපළ නීතිය යටතේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් වන නීති තත්ත්වයන්, ජාත්‍යන්තර නීති ප්‍රවණතාවයන්ට අනුව ශක්තිමත් කිරීම සඳහා බුද්ධිමය දේපළ විෂය, නීති ක්ෂෙත්‍රය සහ අනෙකුත් අමාත්‍යාංශ නියෝජනය වන පරිදි මෙම කමිටුව සමන්විත වෙයි.

ප්‍රකාශනය හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

ඒ අනුව සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයන් සලකා බලා සාධනීය විසඳුම් ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ අරමුණ වනු ඇත.