ට්‍රම්ප් - පුටින් හමුව හංගේරියාවේදී ?

ට්‍රම්ප් - පුටින් හමුව හංගේරියාවේදී ?

October 16, 2025   11:12 pm

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හංගේරියාවේ දී හමුවීමට නියමිතව තිබේ.

දෙරටේ නායකයින් අද (16) දුරකතන සංවාදයක නිතර වූ බවත්, එහිදී මෙම එකඟතාවට පැමිණි බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත.

ඒ අනුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ උපදේශකයින් කණ්ඩායමක් රුසියානු බලධාරින් ලබන සතියේ දී හමුවීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරු දෙපළ හමුවන දිනය තීරණය කෙරේ.

බොහෝ දුරට ට්‍රම්ප් - පුටින් හමුව හංගේරියාවේ අගනුවර මෙන්ම විශාලතම නගරය ලෙසින් සැලකෙන බුඩාපෙස්ට් හිදී පැවැත්වෙනු ඇත.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි වොෂින්ටන් ඩීසී හිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා හෙට (17) හමුවීමට නියමිතව ඇති පසුබිමක මෙම දුරකතන සංවාදය පැවැත්වීම සුවිශේෂීය.