මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේ 

මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේ 

October 17, 2025   07:57 am

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

එහි සිටි ධිවරයින් 5දෙනෙකු ද සිය භාරයට ගත්බව නාවික හමුදාව පැවසීය.

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර, එම යාත්‍රාව සහ ධීවරයින් පිරිස ගාලු වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.