රත්මලානේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක්
October 17, 2025 10:16 pm
රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබේ.
එම කඩ සාප්පු සංකීර්ණයේ තිබූ වලං කඩයක්, සිංහල බෙහෙත් බඩු කඩයක් ඇතුළු කඩ සාප්පු කිහිපයක් මෙම ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව මහ නගර සභාවල ගිනිනිවීමේ ඒකකවල සහාය ද ලැබී ඇත.
කෙසේ වෙතත් මේ වනවිට ගාලු පාරේ මොරටුව සිට කොළඹ දක්වා ගමන් කරන මාර්ගය සම්පූර්ණයෙන් රථ වාහන ගමනාගමනය සඳහා වසා දමා ඇති නිසා ප්‍රදේශය පුරා දැඩි වාහන තදබදයක් ද ඇතිව තිබේ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.