header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හිටපු ජනපති රනිල්ව බලන්න මහ රෑ බන්ධනාගාරයට ගිය දුමින්ද, ප්‍රසන්න සහ චාමර
හිටපු ජනපති රනිල්ව බලන්න මහ රෑ බන්ධනාගාරයට ගිය දුමින්ද, ප්‍රසන්න සහ චාමර
Mobitel 1278

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු දේශපාලඥයින් කිහිපදෙනෙකුම ඊයේ (22) රාත්‍රියේම නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි තිබුණි.

එලෙස පැමිණ තිබුණේ, හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇතුළු ආධාරකරුවන් පිරිසකි.

ඔවුන් බන්ධනාගාරය වෙත පැමිණිය ද ඉන් ඇතුළුවීමට අවසර නොලැබුණු අතර, පසුව බන්ධනාගාරය පිටත රැඳී සිටින ආකාරය අද දෙරණ කැමරාවේ ද සටහන්ව තිබුණි.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළේ, වෛද්‍ය උපදෙස් මතය.

'අද දෙරණ' සිදුකළ සොයා බැලීමකදී අණාවරණය වූයේ රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මෙහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

RelatedNews

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි