හොඳම අධ්‍යාපනික වැඩසටහනට හිමි සුමති සම්මානය අද දෙරණ Education දිනයි

හොඳම අධ්‍යාපනික වැඩසටහනට හිමි සුමති සම්මානය අද දෙරණ Education දිනයි

July 15, 2025   08:49 pm

ඩිජිටල් මාධ්‍ය සම්මාන අංශයෙන් හොඳම අධ්‍යාපනික වැඩසටහනට හිමි සුමති සම්මානය අද දෙරණ Education යූ ටියුබ් චැනලයට හිමි විය.

අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ සාමාන්‍යාධිකාරී කේ. සී සාරංග මහතා විසින් එම සම්මානය ලබා ගත්තේය.

2025 සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අද (15) පස්වරුවේ ආරම්භ කෙරුණි.

මෙවර සුමති සම්මාන උළෙල පැවැත්වෙන්නේ 30වැනි වරටය.