හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය දෙවන ස්ථානය නඳුන් අබේරත්නට
July 15, 2025 09:31 pm
හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුමති සම්මානය දෙවන ස්ථානය නඳුන් අබේරත්න විසින් දිනා ගත්තේය.
TV දෙරණ ඔස්සේ විකාශය වූ 'යකඩයාට පණ දුන් කැලෑ වැද්දා' වැඩසටහන වෙනුවෙන් ඔහු එම සම්මානයට පාත්‍ර විය.
2025 සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අද (15) පස්වරුවේ ආරම්භ කෙරුණි.
මෙවර සුමති සම්මාන උළෙල පැවැත්වෙන්නේ 30වැනි වරටය.