සයුරෙන් එතෙර
ඉන්දු-ජපාන සබඳතා තර කරගැනීමට සාකච්ඡා
July 3, 2025 05:05 pm
අමෙරිකාවේ වොෂින්ටන් හිදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ ජපාන විදේශ අමාත්‍යවරයා අතර හමුවක් සිදුවී තිබේ.
වොෂිංටනයේ ආරම්භ වුණු Quad හවුලේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ඔවුන් අමෙරිකාවට පැමිණ තිබුණි.
එහිදී අමාත්‍යවරුන් දෙපළ අතර ද්විපාර්ශවික සාකච්ඡා වටයක් පැවති අතර ඉන්දු-පැසිෆික් කලාපයේ ශක්තිමත් ඉන්දු-ජපාන සබඳතා සහ ඔවුන්ගේ උපායමාර්ගික සම්බන්ධීකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සහ ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් දෙපළගේ අවධානය යොමුවී ඇත.
මේ අතර නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති වැඩසටහනකදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ ත්‍රස්තවාදය සෑම තැනකදීම සාමයට තර්ජනයක් බව සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය සහයෝගීතාව අවශ්‍ය බවය.