දින තුනක් තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පාසල් 121ක් හඳුනාගැනේ

දින තුනක් තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පාසල් 121ක් හඳුනාගැනේ

July 6, 2025   11:21 am

දිවයින පුරා සිදුකරනු ලබන විශේෂ මදුරු මර්දන සතිය තුළ ගතවූ  දින තුන තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පාසල් 121ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පවසන්නේ දිස්ත්‍රික්ක 08ක අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල තෙදිනක් පුරා මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ බවය.

එහිදී පාසල් 229ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර පාසල් 29ක මදුරු කීටයන් සහිත ස්ථාන හඳුනාගෙන ඇති බව සඳහන්ය.

මෙය ඉතා අවදානම් තත්ත්වයක් බැවින් පාසල්වල එම තත්ත්වය මඟ හරවා ගැනීමට පාසල් බලධාරීන් මෙන්ම අදාළ පාර්ශව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළාය.

ජාතික මදුරු මර්දන සතියේ හයවන දිනය වූ ඊයේ (05) දිනයේදී පරීශ්‍ර 19,774ක් පරීක්ෂාවට ලක් කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහිදී මදුරුවන් බෝ විය හැකි යැයි හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව 5,085ක් වන බවත් මදුරු කීටයන් සහිතව හඳුනාගත් පරිශ සංඛ්‍යාව 567ක් ද වන බවත් විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පවසන්නීය.