IMF මේ දක්වා ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.74ක් ලබා දීලා
July 6, 2025 04:38 pm
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මෙරටට අමෙරිකානු ඩොලර් බිලියන 1.74ක මුදලක් ලැබී ඇති බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව ඉල්ලුම් කරන ලද ණය මුදල වාරික 9කින් මෙරටට ලැබීමට නියමිත අතර එහි වාරික 5ක් මේ වන විට ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
5 වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 350ක් පසුගිය ජූලි 03 වැනිදා හිමි වූ බවද ඔහු පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් සම්බන්ධයෙන් වන වත්මන් තත්ත්වය පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා පැවසීය.