රයිගම් ටෙලීස් 2024 සම්මාන උළෙලේදී දෙරණට සම්මාන රැසක්
March 29, 2025 08:56 pm
2024 රයිගම් ටෙලීස් සම්මාන ප්‍රධානොත්සවයේදී දෙරණ මාධ්‍ය ආයතනය සම්මාන රැසකින් පාත්‍ර විය.
ටීවි දෙරණ සහ අද දෙරණ විසින් ඉදිරිපත් කළ වැඩසටහන් රැසකට මෙම සම්මාන හිමි විය.
ඒ ශ්‍රැංගිලා හෝටලයේ මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන ප්රදානොත්සවයේදීය.
එහිදී සම්මානයට පාත්‍ර වූ වැඩසටහන් පහතින්,
- සෙනෙහසේ ළමා දිනය සඟරා වැඩසටහන සඳහා නිර්මාන කුසලතාව - අරුණ සොයිසා
- වසරේ විශිෂ්ටතම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන - ජීවිතයට විද්‍යාව (නිශ්පාදනය - කේ.සී. සාරංග)
- වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන - ක්‍රිස්මස් With pereras (විමුක්ති රුද්‍රිගෝ, සුදීර ආර්. පීරිස්)
- වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම - නිල් කුරුමිට්ටෝ (අනුරාධ සිගේරා, ෂෙහාන් ක්‍රිස්මස්, මලිත් දුෂ්‍යන්ත)
- වසරේ විශිෂ්ටම රූපවාහීනි කථිකා වැඩසටහන - REBUILD SRI LANKA (එරත්න රුක්මාල්)
- වසරේ විශිෂ්ටතම ප්රවෘත්ති විකාශය - අද දෙරණ
- වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය - ලාවණ්‍යා (අතුල පීරිස්)
- වසරේ වඩාත් ජනගත රූපවාහිනී නාලිකාව - ටී.වී දෙරණ
- වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව - ටීවි දෙරණ