වෙරළ තීරයක නාඳුනන පුද්ගල මළසිරුරක්
March 29, 2025 07:21 am
තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇත.
තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත සිදුකළ විමර්ශන අනුව මළසිරුර සොයාගත් බවය.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
මෘතශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තොඩුවාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.