සයුරෙන් එතෙර

චීනයේ චන්ද්‍රිකා මෙහෙයුමකින් තායිවානය කලබල වෙයි

March 28, 2025   02:44 pm

චීනය විසින් අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාවක් තායිවානය හරහා ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ චීනයේ සිචුවාන් පළාතේ ෂිචැං සිට චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කර ඇති බවය.

චන්ද්‍රිකාව මධ්‍යම තායිවානය හරහා බටහිර පැසිෆික් සාගරය දෙසට ගමන් කළ බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අඛණ්ඩව විමසිල්ලෙන් පසුවන බව තායිවානය පවසයි.

ඕනෑම අවස්ථාවක ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටින බවත් ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය පැය 24 තුළ චීන ගුවන් යානා 20ක් සහ යුද නෞකා 7 ක් සිය දිවයින වටා නිරීක්ෂණය කළ බවද තායිවානය පවසා තිබේ.