බිමල් යටතේ සිටි තුන්වෙනි සභාපතිත් ඉල්ලා අස්වෙයි

බිමල් යටතේ සිටි තුන්වෙනි සභාපතිත් ඉල්ලා අස්වෙයි

March 28, 2025   11:00 am

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඊට අදාළ ලිපිය ඔහු විසින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වෙයි.

කෙසේවෙතත් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව මේ වනතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු සම්බන්ධ කරගැනීම සඳහා අද දෙරණ කළ උත්සාහය ද අසාර්ථක විය.

මේ අතර අමාත්‍ය බිමල් රත්නායක මහතා යටතේ පවතින අමාත්‍යාංශවලට අයත් ආයතනවල සභාපති ධුරයෙන් අස්වූ 3වෙනි පුද්ගලයා වන්නේ ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතාය.

මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති රුවන් විජයමුණි මහතා එම ධුරවලින් ඉල්ලා අස්විය.