සැඟවූ ගිනි අවියක් සොයාගනී
March 28, 2025 07:01 am
පාළු ඉඩකම වළදමා තිබූ පිස්තෝල අවියක් සහ එම පතොරම් ගැබ් 02ක් සොයාගෙන තිබේ.
ඊයේ (27) සවස් කාලයේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබුණි.
එහිදී බඳුරලිය පොලිස් වසමේ කෙලින්කන්ද මාර්ගයේ පාළු ඉඩමක වළ දමා තිබූ මෙම පිස්තෝල අවිය, එම පතොරම් ගැබ් 02ක සහ පතොරම් 05ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පිස්තෝල අවිය හා පතොරම් මෙම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.