සයුරෙන් එතෙර

ඔස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් වැඩි කරයි

March 27, 2025   03:00 pm

ඔස්ට්‍රේලියාව සිය ආරක්ෂක වියදම් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දු-පැසිෆික් කලාපයේ චීන බලපෑම් වැඩිවීම සහ ආරක්ෂක වියදම් ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයෙන් වැඩෙන පීඩනය මධ්‍යයේ සිය ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට එළඹ ඇතැයි ද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.

ඒ අනුව මෙම තීරණයත් සමග එරට ඉදිරි වසර 4 තුළ සැලසුම් කර ඇති ආරක්ෂක වියදම්වල කැපී පෙනෙන වර්ධනයක් සිදුවෙනු ඇත.

රජයේ භාණ්ඩාගාර ප්‍රධානියා පවසන පරිදි 2026 සිට 2028 දක්වා ආරක්ෂක ව්‍යාපෘති සඳහා සහායවීම වෙනුවෙන් කඩිනම් අරමුදල් 2028-2029 මූල්‍ය වර්ෂයේ සිට ඉදිරියට ගෙන එනු ඇත.