දළදා දැක්ම ගැන පූජ්‍ය ධම්මරක්ඛිත නාහිමිගෙන් විශේෂ දැනුම්දීමක්
March 27, 2025 01:01 pm
අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි අවධාරණය කරයි.
එමෙන්ම දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව අධික වුවහොත් දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය.
සිරි දළදා දැක්ම අප්‍රේල් 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා දින 10ක් මුළුල්ලේ පැවැත්වීමට මේ වනවිට කටයුතු සම්පාදනය කරමින් පවතී.
එවන් පසුබිමක ප්රගතිශීලී තරුණ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් සිදුකළේය.
ඒ සිරි දළදා දැක්මට පැමිණෙන සැදැහැවතුන්ට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලක්සිරි නැමැත්තා පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි චෝදනා කරමිනි.
මෙවන් පසුබිමක රජය, මහනුවර නගර සභාව සහ ශ්‍රී දළදා මාළිගය හැර කිසිදු පාර්ශ්වයකට සිරි දළදා දැක්ම සම්බන්ධ කිසිදු කටයුත්තක් පවරා නැතැයි ශ්‍රී දළදා සමිදුන්ගේ තේවාව භාර ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි ප්‍රකාශ කළේය.