ඇමතිගේ ප්‍රධානත්වයෙන් තිබූ පාපන්දු තරගයේදී මාධ්‍යවේදියාගේ කැමරාව උස්සලා

ඇමතිගේ ප්‍රධානත්වයෙන් තිබූ පාපන්දු තරගයේදී මාධ්‍යවේදියාගේ කැමරාව උස්සලා

February 16, 2025   09:24 am

පානදුර ආදම් ෆොටොස්ට් ක්‍රීඩා පිටියේදී පැවැති පාපන්දු තරගයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදී අංසක මහතාට අයත් වීඩියෝ කැමරාවක් සොරකම් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පාපන්දු තරගාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සහ දේශපාලන නියෝජිතයින් රැසක් ද සහභාගී වී තිබුණි.

එහිදී මෙම මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන කැමරාව පසෙකින් තබා එහි රූපරාමු මාධ්‍ය ආයතන වෙත යොමු කිරීමේදී මෙම කැමරාව අස්ථානගතවී තිබේ.

සිද්ධිය සම්බන්ධව අදාළ මාධ්‍යවේදියා විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර ප්‍රදේශයේ CCTV කැමරා පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධව පානදුර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.