තොරතුරක් ඇතොත් දැනුම් දෙන්න

තොරතුරක් ඇතොත් දැනුම් දෙන්න

February 8, 2025   09:07 pm

වාද්දූව පාවල මහරැක්ම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන්වීම සම්බන්ධව පවුලේ ඥාතීන් මහජන සහය පතා තිබේ.

මාතරආරච්චි ප්‍රේමවති නම් 75 හැවිරිදි කාන්තාවක් මෙලෙස අතුරුදන්ව තිබේ.

ඇය පසුගිය පෙබරවාරි 02 වැනි දින වාද්දූව ප්‍රදේශයේ සිට  බණ්ඩාරවෙල, කුඹල්වෙල ප්‍රදේශයේ ආගමික චාරිකාවකට සහභාගී වී ඇති අතර එහිදි ඇය අතුරුදන්ව ඇත.

මේ සම්බන්ධව අදාළ වන්දනා නඩයේ පිරිස් විසින් ඇල්ල පොලිස් ස්ථානය වෙතද පැමිණිල්ලක් යොමු කර ඇති බවත් ඇය සම්බන්ධව මෙතෙක් තොරතුරක් නොමැති බවත් පවුලේ ඥාතීන් පවසයි. 

ඇය පිළිබඳව යම් තොරතුරක් වේ නම් 077 3391000 හෝ 0772518496 යන දුරකතන අංක අමතා දැනුම් දෙන ලෙසද එම ඥාතීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.