තවත් ඝාතනයක සුලමුල හෙළිවෙයි

තවත් ඝාතනයක සුලමුල හෙළිවෙයි

December 9, 2024   08:32 am

ඉපලෝගම පොලිස් වසමේ වලවේගම පාසල ආසන්නයේ නිවසක් තුළ පුද්ගලයෙකු වැටී සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය 8 වනදා සවස මෙය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ, අවුරුදු 37ක් වූ වලවිවේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය සිදුකළ විමර්ශනයේදී මරණකරු වැටී සිටි ස්ථානයේ අධික ලෙස රුධිරය වහනය වූ ආකාරය නිරීක්ෂණය වී ඇති අතර මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇත. 

මරණකරු විසින් ඔහුගේ නිවස තුළ පෙර දින රාත්‍රී කාලයේ තවත් පුද්ගලයෙකු සමඟ මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියකදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට පොලීසිය සැක කරනු ලබයි. 

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇත. 

අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.