ඉරානයට එරෙහි යුද්ධයෙන් ඉතාලිය ඉවත් වෙයි
March 14, 2026 09:54 am
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබේ.
ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එහිදී ඇය පවසා ඇත්තේ, සිය හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගන්නා බවය.
ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට ඉතාලිය සහභාගි නොවන බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබේ.
