දුම්රිය පාපුවරුවේ ගමන් ගත් තරුණයා සංඥා කණුවක ගැටී මරුට

දුම්රිය පාපුවරුවේ ගමන් ගත් තරුණයා සංඥා කණුවක ගැටී මරුට

November 19, 2024   07:27 am

දුම්රියක පාපුවරුවේ ගමන්කළ තරුණයෙකු දුම්රිය මාර්ගය ආසන්නයේ තිබූ සංඥා කණුවක ගැටී මියගොස් ඇත.

ඊයේ (18) උදෑසන එම අනතුර මියගොස් ඇත්තේ, පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගමන්කළ තරුණයෙකි.

එලෙස මියගොස් ඇත්තේ, දෙනිය පාර, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.