ඉක්මන් කෝපය ජීවිතයක් අහිමි කරයි

ඉක්මන් කෝපය ජීවිතයක් අහිමි කරයි

October 31, 2024   08:02 am

වාරියපොල - වාගොල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 52ක් වයසැති වාගොල්ල, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය හා සැකකරු රජයේ ඉඩමක නිවාස 02ක ජීවත්ව සිට ඇති අතර, දෙදෙනා අතර නිවෙස්වලට ගමන් කරනු ලබන මාර්ගයේ වැටී තිබූ ගසක අතු ඉවත් කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධ වයස අවුරුදු 66ක් වන ඉහත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.