හැන්දක් රත්කොට තම දියණියගේ සිරුර පිළිස්සු මව රිමාන්ඩ්
September 30, 2024 04:13 pm
ලෝහමය හැන්දක් රත් කර තම පස් හැවිරිදි දියණියගේ ශරීරයේ සිව්පොලක් පිළිස්සූ බව කියන මවක් මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් ඇයව ඔක්තෝම්බර් මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
දැරියගේ ශරීරයේ දක්නට ලැබෙන පිළිස්සුම් තුවාල අඟල් දෙකක පමණ විශාලත්වයකින් යුත් බවද ඊට අමතරව දැරියගේ ශරීරය පුරා තුවාල කැලැල් විශාල සංඛ්‍යාවක් තිබූ බවද පොලීසිය පවසයි.
දියණිය පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම නිසා එයට උරණ වූ මව දරුවාව පුළුස්සා තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
පිළිස්සුම් තුවාල ලද දරුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණි.
රත් කළ තෙල් ශරීරයට විසිවී තම දියණියගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිළිස්සී තිබෙන බව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් දරුවාගේ පියා පොලීසියට පවසා ඇත.
දියණිය පිළිස්සු බිරිඳ වෙනුවෙන් සැමියා නිතීඥයින් දෙදෙනෙකු මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.
සැකකාර කාන්තාව මහනුවර නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.